Latest Entries »


Final Rankings

Annual Report – 2013


Winning and losing is relative according to how you define it. As pera chess commune we were able to get many victories in 2013, and also we lost in some situations. We are soldiers in University chess battle field. Soldiers come and go. But the war continues getting stronger year by year. Ours task is to do the best for our mother pera while we are on the battle field. Pera soldiers were fighting very strongly through out the war winning many battles. But we lost one battle in 2013. I only have to say “We may have lost one battle. But not the War”. Most important thing is identifying our past mistakes and overcome them.

I have here attached the captain’s annual report – 2013.

ANNUAL REPORT

Hope this will help future members to proceed the events and activities organized by pera chess commune. Because pera chess is not only inter university chess tournament. It grows lot more than that. Most importantly we should understand pera chess is a family. So i hope new members of this family will continue the traditions and culture of this family making it proud. Finally i wish very delightful future for pera chess.

isuru karunathilake.

captain-2013


Under 20_Final_ranking_list

Under 20_Final_ranking_list, Best Girls

Under 20_Final_ranking_list, Best Junior team

Under_20_Board_list


Under 20_Team_pairings_of_round_5

Under 20_Final_ranking_list


Under_20_Team_pairings_of_round_4


Under 20_Team_pairings_of_round_3


Pera Chess Commune, along with the Department of Physical Education University of Peradeniya organizes Pera Challenge an All Island inter school chess championship. This is an Under 20  open event. tournament will be held on 4th, 5th and 6th of October at University of Peradeniya. More Details can be followed through the tournament prospector.

contact –

isuru 0718297265

chathura 0779741768

 

school letters


poster (Large)පේරාදෙණිය චෙස් සමූහය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල චෙස් ක්‍රීඩාව ජනප්‍රිය කිරීම, චෙස් සමූහයට නව ක්‍රීඩකයින් එක් කර ගැනීම හා නවක ක්‍රීඩකයන්ට චෙස් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දීම අරමුණු කර ගනිමින් නවකයින් වෙනුවෙන් චෙස් තරගාවලියක් සංවිධානය කරන ලදී. මෙම තරගාවලිය ජූලි මස 13 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට දවස පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙනු ඇත. තරග වට 6 කින් සමන්විත වන තරගාවලියේ එක් තරග වටයක් සදහා ක්‍රිඩකයකුට විනාඩි 10 ක් ලබා දේ.

තරගාවලිය තුල නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය චෙස් කණ්ඩායමට අදාල කිසිම ක්‍රීඩකයකු  තරගයට සහභාගී වන්නේ ‍නැත. එසේම මෙය ශිෂ්‍යයන්ට පමණක් නොව අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ටද විවෘත තරගාවලියකි.

පලමු දෙවන තෙවන ස්ථාන ලබා ගන්නා ජයග්‍රාහකයින්ට සහ හොදම කාන්තා ක්‍රීඩිකාවට වටිනා සහතික පත්‍ර ප්‍රදානය කෙරෙන අතර පලමු ස්ථාන 10 සදහා කුසලතා සහතික පත් ද ප්‍රදානය කෙරේ.

තරගය සදහා ලියාපදි.චි වීම සදහා ඔබගේ නම, පීඨය හා දුරකථන අංකය සදහන් කර pera.chess@gmail.com වෙත  ඊ-මේල් එකක් යොමු කරන්න.


942245_10200667633231522_934711983_n

 

චතුරංග බ්ලොග් පිටුවේ අවසන් ලිපිය පලවී මේ වන විට හරියටම වසරකි. ඒ අතර කාලය තුල පේරාදෙණිය චෙස් ක්‍රීඩාව යම් පසු බෑමකට ලක් වී ඇති බව සැබැවි. වසර දෙකක් පිට පිට පේරාදෙණිය චෙස් කණ්ඩායමට රන් පදක්කම් අහිමි වී රිදී ලෝහයෙන් සැනසෙන්නට සිදු විය. තැනිතලා බිමක නිදහසේ ඉදිරියට ඇදුනු ගංගාවක් හදිසියේ ගල්පර වලට හසුවුනා යැයි කිවහොත් මම නිවැරදි යැයි සිතමි. කෙසේ වෙතත් ගංගාවක් ලස්සන වන්නේ සැඩ පහරක් බවට පත් වී වේගයෙන් කඩා හැලෙන විටය. සුන්බුන් අතරින් නැවත නැගිටින විටය. ගල්පර මතින් ගිය ගමන දැන් අවසන්ය. පේරාදෙණිය මව් වෙත චෙස් කිරුළ නැවතත් ගෙන ඒම සදහා පේරාදෙණි චෙස් සමූහයේ බලමුළු නැවත එක් වෙමින් පවතී.  මීලග ‍අන්තර් විශ්ව විද්‍යාල ‍චෙස් තරගාවලිය සදහා පුහුණුවීම් ආරම්භ කල යුතු කාලය එලබ ඇත. පේරාදෙණිය චෙස් කණ්ඩායමේ නව නායක චතුර රාජපක්ෂ සහ කාන්තා කණ්ඩායමේ නායිකා සකුරා අබේසිංහ මේ සදහා යුහුසුලුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. පේරාදෙණි චෙස් අනාගතයට හද පිරි සුබ පැතුම්.

ඉසුරු සංජීව


Image

විශ්ව විද්‍යාලීය චෙස් වසන්තය නැවතත් පැමිණ තිබේ.අන්තර් විශ්ව විද්‍යාලීය චෙස් ශූරතාවය සදහා සියල්ල සූදානම්ය. සියලුම විශ්ව විද්‍යලීය චෙස් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මේ දිනවල මහත් අධිෂ්ඨානයෙන් යුතුව පුහුණුවීම් වලට යොමු ‍වී තිබේ.විශේෂයෙන් සැම වසරකම කිරුළ සදහා දැඩි අදිටනින් පැමිණෙන මොරටුව ක්‍රීඩකයින් මේ වසරේද තම අප්‍රතිහත ධෛර්ය යොදමින් මාස 6 කට පෙර සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබේ.
අන්තර් විශ්ව විද්‍යාලීය චෙස් ශූරතාවය මෙතරම් වැදගත් වන්නේ එය බුද්ධිමතුන්‍ ගේත් බුද්ධිමතුන් තෝරන තරගය බ‍වට පත් වී තිබෙන බැවිනි.පේරා චෙස් රජුන් වසර 5ක් තිස්සේ අඛණ්ඩව මෙම කිරුළ රැක ගනිමින් තමන්ගේ විශිෂ්ටත්වය පසක් කර හමාරය.කිරුළ හිමි කර ගැනීම පහසුය. නමුත් එම කිරුළ රැක ගැනීම අපහසුය. පේරා චෙස් රජුන් 2011 දී දක්ෂ ක්‍රීඩකයින් රැසක් සපිරි මොරටු පිල පරාජය කරමින් ජයග්‍රහණය සදහා හැකියාව පමණක් ප්‍රමාණවත් නොවන බවත් තම අත්දැකීම් වලින් පිරිපුන් ප්‍රවීණත්වය චෙස් තරග පිටියේ කිසිවෙකුටත් නොදෙවනි බවත් පෙන්වීය.
2011 වසරේ දී පේරා ‍රැජිනියන්ද අතිවිශිෂ්ට ලෙස තම දක්ෂතා අතරට පැමිණුනි. නමුත් අවසානයේදී අවාසනාවන්ත ලෙස ඔවුනට දෙවන ස්ථානයෙන් සෑ‍හීමට පත් වීමට සිදු විය.
නමුත් පේරා චෙස් රජුන් හා රැජිනියන් කිසිදා සෑහීමට පත් නොවෙයි. ඔවුන් පසු පස හබා එන ජයග්‍රහණයේ රහස එයයි. මෙවර පේරා සේනා සංවිධානය වන්නේ ශූරතා දෙකම පේරා භූමිය වෙත රැගෙන එමින් තවත් වාර්තාවක් අන්තර් විශ්ව විද්‍යලීය චෙස් තරග ඉතිහාසයට එක් කරන්නටය.මෙවර පේරා රැජිනියන් දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් අලුතෙන් එක්වී ම නිසා ජයග්‍රහණය කරා පුල පුලා මග බලා සිටී. පේරා රජුන් වෙනදා මෙන්ම දක්ෂ හා පලපුරුදු ක්‍රීඩකයන් සමග ජයග්‍රහණය සදහා තම පුහුණු වීම් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් මෙවර මොරටු ක්‍රීඩකයන් තව උපරිම උත්සාහය යොදන බව නොඅනුමානය. කිමද යත් ඔවුනට ඉතිහාසය වෙනස් කිරීමට තිබෙන එකම අවස්ථාව මෙය වීමට ඉඩ තිබෙන බැවිනි.